Hashini's Latest News.




අපූර්ව නර්තන හැකියාවෙන් ජනප්‍රියත්වයට පත් හෂිනි ගෝනගල මේ වෙන විට සිනමාවෙන් ඇයගේ හැකියාවෙන් අලුත් කරගන්න යනවලු. ඒ වගේම ඇයගේ ජීවිතේ අලුත් විස්තර ගොන්නක්ම පසුගියදා පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කියලා තිබුණා.

හෂිනි කියන විදියට මේ දවස්වල ඇය බැලේ නර්තනය ඉගෙනගන්න නිසා ටිකක් කාර්යබහුල වෙලාලු ඉන්නේ. ඒ නිසාම ගෙදර ඉන්න වෙන්නෙත් ටික කාලයයිලු. නර්තනය නිසා අපි ඇයව හඳුනාගත්තත් හෂිනි ව්‍යාපාර කළමනාකරණය පැත්තෙන් තමයි ඉගෙන ගන්නේ. ඒකට විශේෂ හේතුවක් වෙලා තියෙන්නේ තාත්තාගෙ ව්‍යාපාරවලට උදව් කරන්න ඕනෑකම.





ඒ වගේම පසුගිය කාලේ හෂිනි, ජනප්‍රිය ගායකයෙක් වගේම නර්තන ශිල්පියෙක් වන දුෂ්‍යන්ත එක්ක සම්බන්ධයත් තිබ්බා කියලා කටකතා පැතිරිලා ගියා. හැබැයි හෂිනි නම් කියන්නේ නර්තනයේදී සහයෝගය ලබාගන්න ඔවුන් දෙන්නා අතරේ හොඳ යාළුකමක් තිබ්බා කියලා.

ඒ වගේම දිගින් දිගටම යන යාළුකමක් ඔවුන් දෙන්නා අතරේ නැහැ වගේම ඒ දෙන්නා යන පාරවල් දෙක වෙනස් කියලත් ඇය කියනවා.

‘‘මම කැමැති නර්තනය පැත්තෙන් ඉස්සරහට යන්න. දුෂ්‍යන්තට වැඩි අවස්ථාව තියෙන්නේ ගායනය පැත්තෙන්. ඒ නිසා අපි දෙන්නා අපේ පාරවල්වල යන්න පටන් ගත්තා. ඒත් එක්කම යාළුකමත් ටික ටික ඈත් වුණා.‘‘

ඒ වගේම තමන්ගේ ජීවිතේට එකතුවෙන සහකාරයා ගැන හොයන්න හෂිනි අම්මාටයි තාත්තටයි ඉඩ දීලා තියෙන්නේ කියලත් කියනවා.