ඇමරිකානු ජනපති බරක් ඔබාමාගේ 17 හැවිරිදි වැඩිමහල් දියනිය මලියා ඔබාමා පසුගිය දිනවල නිවාඩු කාලය නිසා සිය අධ්‍යාපන වැඩවලින් විවේක ලබා තිබුණ අතර ඇය ඛෙහෙවින් ආශා කරන ටෙලි නිර්මාණ වලට සම්බන්ධවූ බව එරට ප්‍රවෘත්ති සේවා වාර්තා කරනවා.
ඇය ඇමරිකාවේ මේ දිනවල ජනප්‍රිය ටෙලි චිත්‍රපටයක්වන zගර්ල්ස්Z හි රූගත කිරීම් අවස්ථාවකට එක්වී එහි සහායක නිර්මාණ ශිල්පියෙකු ලෙස කටයුතු කරන ලද බව එම ආරංචි මගින් කියැවුණා. මින් ඉහත පුවත්පත් සම්මුඛ සාකච්ඡාවලදීද ඇය අනාගතයේදී චිත්‍රපට නිර්මාණ කාරියක වන්නට පෙරුම්පුරන බව පවසා තිබුණා.
මින් ඉහත ලැබුණ නිවාඩු කාලවල ඇය මෙවැනි නිර්මාණ සඳහා දායකවී තිබුණාග ඇය පිටපත් රචනයටද ඛෙහෙවින් ඇළුම් කරන බව පැවසුණාග වොෂින්ටන් නුවර සිඩ්වෙල් මිත්‍රත්ව පුද්ගලික පාසලේ ඉගෙනුම ලබන ඇය තව මාස කිහිපයකින් ඇගේ අධ්‍යාපන කටයුතුවල දෙවන අදියර හමාර කරන්නට බලාපොරොත්තු වෙනවාග පසුගිය සෙනසුරාදා ඇය ඇගේ 17 වන උපන්දිනයද නිවසේදී සමරා තිබුණා.

