Aksha Sudari's New Business



ඔන්න අක්ෂා සුදාරි ව්යාපාරිකාවක් වෙලා AARA Collection අලුත් විලාසිතාගාරයක් උපන්දිනය දවසේ ආරම්භ කරලා. ආක්ෂා විලාසිතාවලට කැමති නිසාලු


මේ වගේ ව්යාපාරයක් කරන්න හිතුවේ.. ආක්ශාගේ හොදම යාලුවා මේනකාත් පහුගිය කාලේ ව්යාපාරයක් පටන් ගත්තා.. හැබැයි දැන් දෙන්නා එච්චර හිත හොද නැහැ කියලා කනින් කොනින් ආරංචි වෙනවා. කොහොම හරි අක්ෂාගේ ව්යාපාරිකවක් වුනු දවසේ සුබ පතන්නවත් මේනකා ආවේ නෑ කියලා ඇවිත් හිටපු අය කියනවා

ආක්ෂා හදිසියේම බිස්නස් එකකට අත ගැහුවේ ඇයි? හදිසියෙන් නෙවෙයි මම කලක ඉඳන් ප්ලෑන් කරලා කරන දෙයක්. ආක්ෂා කියන්නේ දෙයක් කළොත් හුඟක් හිතලා ප්ලෑන් කරලා කරන කෙනෙක්. ඒක ගොඩක් දෙනෙක් දන්නේ නෑ. "AARA Collection " කියන මගේ බ්රෑන්ඩ් එක මගේ බර්ත් ඩේ එක දවසේ තමයි ලෝන්ච් කළේ.

දේශපාලනයටයි, බිස්නස්වලටයි එන එක නිළියන්ගේ ෆැෂන් එකක් වෙලා. ආක්ෂාත් බිස්නස්වලට බැස්සේ ට්රෙන්ඩ් එක නිසාද? නෑ. පුංචි කාලේ ඉඳලම මම ආස කරපු දෙයක්. රංගනය කළේ විනෝදාංශයක් විදියට. රංගනයටත් මම දන්න කාලේ ඉඳන් ආසයි. ඒත් ඊටත් කලින් ඉඳලා මම හීන දැක්කේ "බිස්නස් ලේඩි" කෙනෙක් වෙන්න.


බිස්නස් එකක් කරන්න නම් හොඳ බිස්නස් නොලේජ් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ආක්ෂා බිස්නස් ගැන හදාරලා තියෙනවද? නෑ. හදාරලා නෑ. රංගනය පැත්තෙන් ඉදිරියට ආව නිසා මට ගැන හිතන්න කාලයක් තිබුණේ නෑ. හැබැයි බිස්නස් කියන දේ මගේ ඇඟේ තියෙන දෙයක්. පුංචි කාලේ ඉඳලා මට ටැලන්ට් එක තියෙනවා.

ඇඳුම් පැත්තෙන් බිස්නස්වලට අත ගැහුවෙ ඒකද? ඇත්තටම ඔව්. කවුරුත් දන්නවා මං ඇඳුමක් ඇන්දත්, ජුවලරි දැම්මත්, හෑන්ඩ් බෑග්, ෂූස් පාවිච්චි කළත් දේවල්වල අලුත් දෙයක් වෙනසක් තිබුණා. පැත්තට තියෙන ආසාව සහ මට සහජයෙන් ඇවිත් තියෙන හැකියාව නිසා තමයි පැත්තම බිස්නස්වලටත් තෝරගත්තේ.

රංගනයෙන් ටික ටික අෑත් වුණෙත් බිස්නස්වලට මේ තරම් කැමැත්තක් තියෙන නිසාද? රංගනයෙන් අෑත් වෙලා නෑ. කලා කටයුතු නවත්වන්නෙත් නෑ. මට ආරාධනා එන දේවල් භාර ගන්නවා. වගේම හිරු බොලිවුඩ් ෂෝ එකත් කරගෙන ආව විදියට දිගටම කරගෙන යනවා.


සාර්ථක ව්යාපාර කාන්තාවක් වෙන්න පුළුවන් කියලා විශ්වාසයිද? අනිවාර්යයෙන්ම ඔයාලටත් ඉදිරියේදී දැකබලා ගන්න පුළුවන් වෙයි.