True Story of the Fine Selfie

මේ වෙනකොට රටේ ලෝකේ හැමතැනම සෙල්ෆි මේනියාව පැතිරිලා ගිහින්. යන යන තැන සෙල්ෆි වදිනවා.

ඔය විදියට දවසක් පාරේ යන ගමන් පොලිස් නිලධාරියෙකුට අහුවුණු අපේ රටේ කොල්ලෝ ටිකක් වෙලාවේ දඩ කොලයක් ලියන පොලිස් නිලධාරියා එක්කම සෙල්ෆියක් අරන් ෆේස්බුක් ඔස්සේ පලකරලා තිබුණා. මේක ගැන හැමතැනම කතාවෙන්න පටන්ගත්තා වගේම රස කතා ගොඩකුත් ඔය අස්සේ කියැවුණා.





කොහොම වුනත් එදා ඇත්තටම වුනු සිද්ධිය ගැන මේ සෙල්ෆියේ ඉන්න තරුණයින්ගේ යාළුවෙක් අන්තර්ජාලයේ පලකරලා තියෙනවා. ඔහු කියන විදියට යාළුවෝ සෙට්එක අනුරාධපුරේ යන ගමන් තමයි මේක වෙලා තියෙන්නේ. පාරේ හිටිය පොලිස් නිලධාරියෙක් බයික් එකේ ගිය කොල්ලෝ ටික නතර කරලා. ලයිසන් තියෙනවද බලන්න වෙන්න ඇති. වගේම ඇත්තටම එදා දඩයක් කෑවේ නෑ කියලත් ඔහු කියලා තියෙනවා.